spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සම්පත් බැංකුව සිය පාර්ශ්වකරුවන් රැකබලා ගනිමින් තම මූල්‍ය කාර්යසාධනය නැවත බලගන්වයි

COVID-19 වසංගතය හමුවේ, ඇතැම් කර්මාන්ත මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර එමගින් ලෝක ආර්ථිකයෙහි සැලකිය යුතු මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර ඇත. එබැවින් මේ වසරේ මුල් මාස නවය මෑත කාලයේ අත්දුටු වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය වේ.
 
 2020 මුල් මාස නවය තුළ බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵලද, මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ යම් පීඩනයකට ලක්විය. අවම පොලී අනුපාත,  ගාස්තු මත පදනම් වූ ආදායම් සීමාකිරීම, දෙමසක් පුරා දිවයින තුළ සංචරණය සීමා කිරීම හේතුවෙන් දේශීය හා ගෝලීය වශයෙන් ආර්ථික ක‍්‍රියාකාරකම් මන්දගාමී වීම, බැංකුවේ කාර්යසාධනයට ඍණාත්මක බලපෑම් එල්ල කළ ප‍්‍රධාන හේතූන් වේ. තවද, ණය සහ අත්තිකාරම් සඳහාත්්, විදේශ මුදලින් නිකුත් කරන ලද රජයේ බැඳුම්කර සඳහාත් සැලකිය යුතු ලෙස අපහායන සිදු කරන ලද අතර, එයද ලාභය ප‍්‍රමාණාත්මක ලෙස පහත වැටීමට හේතු විය. කෙසේ වුවත්, සලකා බලන කාලපරිච්ෙඡ්දය තුළ බැංකුව අඩු ලාභයක් වාර්තා කළද, මෙවැනි ආර්ථික තත්ත්වයන් හමුවේ යහපත් ප‍්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය.
 
 බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති වුවද, සම්පත් බැංකුව තම සියලූම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සඳහා ප‍්‍රමුඛතාව ලබා දෙන ලදී. මෙම දුෂ්කර කාලය මග හරවා ගැනීම සඳහා, බැංකුව සිය ගනුදෙනුකරුවන්ට තිරසාර විසඳුම් ලබා දෙමින් තම සහයෝගය ලබාදීමට ඇපකැපවී කටයුතු කරන ලදී. තවද, ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා COVID-19  සහන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට බැංකුව කඩිනමින් පියවර ගත්තේය. ඒ අනුව, බැංකුවේ ගනුදෙනුකරුවන්ගෙන් 50‍% ක් පමණ මෙම ණය සහනය භුක්ති විඳින ලදී. තවද, සම්පත් බැංකුව රජය විසින් මෙහෙයවනු ලබන ප‍්‍රතිමූල්‍යකරණ යෝජනා ක‍්‍රමයට ක‍්‍රියාකාරීව සහභාගි වූ අතර දළ වශයෙන් රුපියල් බිලියන 08 ක් වටිනා කාරක   ප‍්‍රාග්ධන ණය ලබා දුන්නේය. රජයේ සහන පියවරයන්ගෙන් ඔබ්බට ගොස්, බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තක්සේරු කොට, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි හා වඩාත් දැරිය හැකි විසඳුම් ලබා දුන්නේය.
 
 මෙම වසරේ තුන්වන කාර්තුවේදී COVID-19 වසංගතය පැතිරීම මැනවින් පාලනය කළද COVID-19 දෙවන රැල්ල හේතුවෙන් නැවතත් සංචරණ සීමා පැනවූ අතර, මෙමගින් ප‍්‍රකෘති තත්ත්වයට පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවත වරක් පසු බසිනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. රටපුරා සංචරණය සීමා කර ඇති අවස්ථාවන් වලදී බැංකුවේ ක‍්‍රියාකාරිත්වය මැනවින් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය සියලූ විධි විධාන සම්පත් බැංකුව විසින් සිදුකර ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලූ ශාඛා බාධාවකින් තොරව ක‍්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. ඒ අතරම දුරස්ථ ගනුදෙනුකරුවන්ට මනා සේවාවක් ලබාදීම උදෙසා බැංකුව සිය විද්‍යුත් (ඩිජිටල්) තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි. තවද, සිය කාර්ය මණ්ඩලයට නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත. බැංකුව විසින් මෙම සමස්ත ක‍්‍රියාවලිය මෙහෙයවීමේදී සම්පත් සමූහයේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා මනා ප‍්‍රමුඛතාවක් ලබාදී ඇත.
 
 2020 ඔක්තෝබර් මස සිට බලපැවැත්වෙන පරිදි  ගනුදෙනුකරුවන්ට ලබාදී ඇති ණය සහන කාලසීමාව, තවත් මාස 06 ක කාලයක් සඳහා රජය විසින් දීර්ඝ කර ඇත. චක‍්‍ර ලේඛනයට අනුව මෙම සහනය ලබාගැනීම සඳහා සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් 2020 නොවැම්බර් 30 දිනට පෙර ඉල්ලූම් කළ යුතුය. මෙම වසංගතය හේතුවෙන් ආර්ථිකයට වූ දිගුකාලීන බලපෑම් පුරෝකථනය කළ නොහැකි වුවද, බැංකුවේ සහ සමූහයේ වත්කම් හා වගකීම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවදානම් කළමනාකරණ පියවරයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සම්පත් බැංකුව අඛණ්ඩව කටයුතු කරනු ඇත.
 
 දැඩි ආර්ථික පසුබෑම් මධ්‍යයේ වුවද, 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය තුළ බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 6.99 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5.09 ක් වාර්තාකර ඇත. මෙය 2019 වර්ෂයේ අනුරූපී කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව බදු පෙර ලාභයෙහි 33.1‍්‍% ක සහ බදු පසු ලාභයෙහි 22‍්‍% ක පහත වැටීමකි. 2020 ජූලි 01 සිට 2020 සැප්තැම්බර් 30 දින දක්වා වූ තුන්වන කාර්තුව තුළදී බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 1.66 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 1.12ක් වාර්තා කරන ලද අතර, එය 2019 තුන්වන කාර්තුවට සාපේක්ෂව පිළිවෙළින් 64.2‍්%ර ක සහ 53.8‍්‍% ක පහත වැටීමකි.
 
 වර්ෂයේ පළමු මාස නවය සඳහා සම්පත් සමූහයේ බදුපෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 7.31 ක් සහ රුපියල් බිලියන 5.21 ක් විය. මෙය අනුරූප කාල පරිච්ෙඡ්දයේ කාර්ය සාධනයට සාපේක්ෂව පිළිවෙළින් 32.6‍්‍% ක සහ 23‍්‍% ක පහත වැටීමකි.
 
 ඣඪෂෘ-19 වසංගතය පැතිරීම සහ ඒ ආශ‍්‍රිත සීමා කිරීම් හේතුවෙන් ගෝලීය හා දේශීය ආර්ථිකයන්හි සැලකිය යුතු පසුබෑමක් ඇති විය. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකය නැවත නගා සිටුවීම උත්තේජනය කිරීම උදෙසා ප‍්‍රතිපත්ති අනුපාත කිහිපයක් පහතහෙලීම ඇතුළු උපායමාර්ගදිියත් කරන ලදී. තවද ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට සමගාමීව, ඇතැම් ණය අත්තිකාරම් මත වෙළෙඳපළ පොලී අනුපාතයට වඩා අඩු අනුපාතයක් යටතේ පොලී අය කරන ලදී. මෙම ක‍්‍රියාමාර්ග 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා වූ ශුද්ධ පොලී ආදායම මත සැලකිය යුතු ලෙස බලපා ඇත. 2019 වර්ෂයේ අනුරූප කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව වසරේ මුල් මාස නවය සඳහා සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 25.99 ක් වූ අතර එය 15.5‍්‍% ක පහත වැටීමකි.
 
 සමස්තයක් වශයෙන් සමාලෝචනයට භාජන වූ 2020 වර්ෂයේ මුල් මාස නවය සඳහා පොලී ආදායම රුපියල් බිලියන 9.67 කින් පහත වැටී, රුපියල් බිලියන 68.02 ක් ලෙස වාර්තා වූ අතර, එය 2019 වර්ෂයේ අනුරූපී කාල පරිච්ෙඡ්දය තුළ වාර්තා වූ රුපියල් බිලියන 77.7 ට සාපේක්ෂව 12.4‍්‍% ක අඩුවීමකි.
 
 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා පොලී වියදම 2019 දී වාර්තා කළ රුපියල් බිලියන 46.91 ට සාපේක්ෂව රුපියල් බිලියන 42.02 ක් දක්වා අඩු වී ඇත. එය 10.40‍්‍% ක අඩු වීමකි.
 
 එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සලකා බලන කාල පරිච්ෙඡ්දය සඳහා වූ ශූද්ධ පොලී ආන්තිකය 2019දී වාර්තා වූ 4.46‍්% ර ට සාපේක්ෂව 3.46‍්‍% ක් දක්වා අඩු විය.
 
 ණය, වෙළෙඳ, කාඞ්පත් හා විද්‍යුත් මාර්ග ආශ‍්‍රිත ගාස්තු යනාදියෙන් විශාල වශයෙන් සමන්විත වන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම, සමාලෝචනයට භාජන වූ කාල පරිච්ෙඡ්දය සඳහා රුපියල් බිලියන 5.99 ක් වූ අතර, එය 2019 වර්ෂයේ අනුරූප කාල පරිච්ෙඡ්දයට වාර්තා වූ
 
 අගයට වඩා 18‍්‍% ක පහත වැටීමකි. ආර්ථික පසුබෑම හේතූවෙන් ණය සඳහා වූ ඉල්ලූම අඩු වීම, ණය ආශ‍්‍රිත  ගාස්තු ආදායමට සැලකිය යුතු ලෙස බලපා ඇත. තවද, වසංගත තත්ත්වය හේතුවෙන් ණය කාඞ්පත් භාවිතය අඩු වීම, ණය කාඞ්පත් ආශ‍්‍රිත කොමිස් ආදායම කෙරෙහි ඍණාත්මක ලෙස බලපා ඇත. මේ අතර සංචරණය සීමා කිරීමේ කාලය තුළ හා ඉන් පසුව බැංකුවේ විද්‍යුත් (ඩිජිටල්* නිෂ්පාදන පුළුල් ලෙස භාවිතා වී ඇත. මේ හේතු කොටගෙන 2020 මුල් මාස 9 සඳහා විද්‍යුත් මාර්ග ආශ‍්‍රිත ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම, 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දයේ වාර්තා කළ අගයට වඩා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. වෙළෙඳාම හා සම්බන්ධ කොමිස් ආදායමද ප‍්‍රතිග‍්‍රහණ සහ සලේඛන ණය පරිමාව ඉහළ යෑම හේතුවෙන් ආන්තික වර්ධනයක් වාර්තා කර ඇත.
 
 ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම 2019 අනුරූපී කාල පරිච්ෙඡ්දයේ වාර්තා වූ රුපියල් බිලියන 1.04 ට සාපේක්ෂව 2020 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය තුළ දී 197.5‍්‍% ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 3ග10 ක් ලෙස වාර්තා කර ඇත. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල 2‍්‍% කින් අවප‍්‍රමාණය වූ අතර, එය විනිමය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යෑමට හේතු වී ඇත. මෙම විනිමය අවප‍්‍රමාණය හේතුවෙන්, ඉදිරි විනිමය ගිවිසුම් තුළින් බැංකුවට රුපියල් මිලියන 523 ක ශුද්ධ වෙළෙඳ අලාභයක් දැරීමට සිදු විය. 2019 අනුරූපී කාලපරිච්ෙඡ්දය තුළ වාර්තා වූ රුපියල් බිලියන 2.24 ට සාපේක්ෂව, සමාලෝචනයට භාජන වූ කාලපරිච්ෙඡ්දය සඳහා විදේශ විනිමය ගනුදෙනු මත වූ බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 2.15 ක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?