සමලිංගික විවාහ සම්බන්ධ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

සමලිංගික විවාහ සඳහා නීත්‍යානුකූල පිළිගැනීමක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ඩී.වයි චන්ද්‍රචුඩ්, සංජේ කිෂාන් කෞල්, රවීන්ද්‍ර භාට්, හිමා කෝලි සහ පී.එස්. නරිෂ්මා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සමලිංගික යුවළ සහ සමලිංගික ක්‍රියාකාරකම්වල සංවිධාන ඉදිරිපත් කර තිබූ පෙත්සම් 21ක් විභාගයට ගැනීම සිදු වූ අතර එහි තීන්දුවයි මෙලෙස අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු චන්ද්‍රචුඩ් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් දින දහයක කාලයක් විභාගයට ගත අතර, පසුගිය මැයි 11 වනදා එය විභාගයට ගෙන අවසන් වුණා.

ඒ, අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එදින තීරණය කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශ කිරීම අද (17) දිනය දක්වා කල් තැබීමටයි.

අදාළ පෙත්සම් ගොනුකරමින් පෙත්සම්කරුවන් කියා සිටියේ විවාහ වීමට නොහැකි වීමෙන් තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

එහිදී ඔවුන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත්වන බවත් කියා සිටියා.

මෙම පෙත්සම්වලට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පාර්ශ්වයන් සඳහන් කළේ සමලිංගික ක්‍රියාකාරකම් ඉන්දියානු සංස්කෘතියට පටහැනි ක්‍රියාවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41