spot_imgspot_img
spot_img

සමලිංගික විවාහ සම්බන්ධ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

සමලිංගික විවාහ සඳහා නීත්‍යානුකූල පිළිගැනීමක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ඩී.වයි චන්ද්‍රචුඩ්, සංජේ කිෂාන් කෞල්, රවීන්ද්‍ර භාට්, හිමා කෝලි සහ පී.එස්. නරිෂ්මා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සමලිංගික යුවළ සහ සමලිංගික ක්‍රියාකාරකම්වල සංවිධාන ඉදිරිපත් කර තිබූ පෙත්සම් 21ක් විභාගයට ගැනීම සිදු වූ අතර එහි තීන්දුවයි මෙලෙස අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු චන්ද්‍රචුඩ් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් දින දහයක කාලයක් විභාගයට ගත අතර, පසුගිය මැයි 11 වනදා එය විභාගයට ගෙන අවසන් වුණා.

ඒ, අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එදින තීරණය කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශ කිරීම අද (17) දිනය දක්වා කල් තැබීමටයි.

අදාළ පෙත්සම් ගොනුකරමින් පෙත්සම්කරුවන් කියා සිටියේ විවාහ වීමට නොහැකි වීමෙන් තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

එහිදී ඔවුන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත්වන බවත් කියා සිටියා.

මෙම පෙත්සම්වලට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පාර්ශ්වයන් සඳහන් කළේ සමලිංගික ක්‍රියාකාරකම් ඉන්දියානු සංස්කෘතියට පටහැනි ක්‍රියාවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?