සත් දිනක් වයසැති බිළිඳෙකු විකුණන්න ගිය මව සහ පියා අත්අඩංගුවට

දින 07ක් වයසැති බිළිඳෙකු රැපියල් 50,000කට අලෙවි කිරීමට උත්සාහ කළ බිළිඳාගේ මව්පියන් ඇතුළු අතරමැදියෙකු ලෙස කටයුතු කළ තවත් අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගනුදෙනුවේ දී අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇත්තේ රජයේ රෝහලක හෙදියකගේ සැමියකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු මව 21 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර, ඇය සිය 42 හැවිරිදි අනියම් සැමියා සමඟ ජීවත්ව ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම මවට වයස අවුරුදු එක හමාරක තවත් පිරිමි දරුවෙකු සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ බිළිඳා මුදලට විකිණීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක හෙදියක්, සුළු සේවිකාවක් සහ පාසල් ගුරුවරුන් දෙදෙනෙක් ද අතරමැදියන් ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56