spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සත් දිනක් වයසැති බිළිඳෙකු විකුණන්න ගිය මව සහ පියා අත්අඩංගුවට

දින 07ක් වයසැති බිළිඳෙකු රැපියල් 50,000කට අලෙවි කිරීමට උත්සාහ කළ බිළිඳාගේ මව්පියන් ඇතුළු අතරමැදියෙකු ලෙස කටයුතු කළ තවත් අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගනුදෙනුවේ දී අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇත්තේ රජයේ රෝහලක හෙදියකගේ සැමියකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු මව 21 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර, ඇය සිය 42 හැවිරිදි අනියම් සැමියා සමඟ ජීවත්ව ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම මවට වයස අවුරුදු එක හමාරක තවත් පිරිමි දරුවෙකු සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ බිළිඳා මුදලට විකිණීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක හෙදියක්, සුළු සේවිකාවක් සහ පාසල් ගුරුවරුන් දෙදෙනෙක් ද අතරමැදියන් ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?