සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට නියෝග කර තිබෙනවා.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී සිටියා.

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුගේ කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන අතර දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට සහාය වන ලෙස සැකකරු වෙත නියෝග කරන ලෙසටයි.

ඒ අනුව දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා.

අනතුරුව පැමිණිල්ල ලබන මැයි මස 17 වනදා කැඳවන ලෙසටයි දැනුම් දෙනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36