ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්දන බලපත්‍ර කේතය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයෙන් (QR) සංවර්ධන නිලධාරීන් ඉවත් වීමට තීරණය කර තිබේ.
මෙම කාර්යය සිදු කිරීමේ දී මතුවන ගැටලු හා ඒවා නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කර ඇති දැනුවත් කිරීම පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
බලශක්ති අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති චක්‍රලේඛයක් මත පිරවුම්හල් වල ඉන්ධන කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ඇත.සංගමය තව දුරටත් සඳහන් කරන්නේ තම නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල කටයුතු වෙනුවෙන් මැදිහත් වීම කිසිදු අදාල කමක් නැති වුවද ජනතාව පත්ව සිටින අපහසුතාවය මග හැරීමට සහයෝගයක් ලබා දීමේ පදනමින් ඒ සඳහා මැදිහත් වෙමින් සිටින බවයි.














Me kramaya hodai .neththe ne..eth job karana apita Madi..api job karanneth dilivary ..thel nethuwa api maara kattak kanne .s