සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයේ 8ක් අත්අඩංගුවට

වැලිගම පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 8 දෙනෙකු ( 27 ) දින අලුයම දී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ . එහිදී විරෝධි මත්ද්‍රව්‍යයක් වන ගංජා, සහ හදුනා නොගත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 08 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි ඔවුන් බෙලිඅත්ත , වංචාවල, උඩුකාව – තෙලිජ්ජවිල , කනංකේ කඩවීදිය, මිරිස්ස, පැලෑන , සහ රනාල ප්‍රදේශයේ පදිංචි වයස 21, 24, 27, 35, 22, 17, යන වයසේ පසුවන්නන් බව සඳහන් මෙම පිරිස සන්තකයේ තිබී හඳුනා නොගත් මත්ද්‍රව්‍ය මිලිගෑම් 370 ,මිලිගෑම් 270 , ගංජා මිලිගෑම් 4200 , ගංජා මිලිගෑම් 3300 , ගංජා මිලිගෑම් 3100, ගංජා මිලිගෑම් 2200, ගංජා මිලිගෑම් 2300, සහ ගංජා මිලිගෑම් 3300, වශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සාදය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානය කොට තිබූ බවත් දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් එක් රොක්වී සිටි බවද පොලිසිය කියයි නීති විරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම තබා ගැනීම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?