සංචාරක කැන්ගරුවන්ට ඉන්දියාවේ දී අමිහිරි පරාජයක් (වීඩියෝ)

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඊයේ (25) රාත්‍රියේ ජය ගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 06 කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 186ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු කැමරන් ග්‍රීන් වේගවත් ලකුණු 52ක් රැස්කළේ පන්දු 21කට මුහුණ දෙමින්.

ඔහුගේ දැවියාමෙන් පසු කඩා වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කරන්නට ටිම් ඩේවිඩ් සමත් වුණේ පන්දු 27ක දී ලකුණු 54ක් රැස්කරමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 02ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී අක්සාර් පටෙල් සිය පන්දුවාර 04 තුළ ලකුණු 33කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුලු දෙක ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් වුණා.

එම කඩුලු දෙක දැවී යාමෙන් පසු පිටියේ ස්ථාවර වූ විරාට් කෝලි සහ සූර්යකුමාර් යාදෙව් අර්ධ ශතක රැස්කරමින් ඉන්දීය පිළිතුරු ඉනිම ගොඩනැඟුවා.

එහිදී විරාට් කෝලි ලකුණු 63ක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

අවසන් මොහොතේ ඉන්දීය පිළ ජයග්‍රහණය කරා රැගෙන ගිය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 25ක් රැස් කළේ පන්දු 16කට මුහුණ දෙමින්.

ජයග්‍රහණය සඳහා ඉන්දීය ඉනිමේ අවසන් පන්දු දෙකට ලකුණු 04ක් අවශ්‍යව තිබූ මොහොතේ 20 වන පන්දුවාරයේ 05 වන පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් පාණ්ඩ්‍යා තම කණ්ඩායමට ජයග්‍රහණය රැගෙන ආවා.

අවසන් තරගයේ වීරයා ලෙස සූර්යකුමාර් යාදෙව් සම්මාන ලැබූ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ අක්සාර් පටෙල් තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීවා.

තරගයේ විශේෂ අවස්ථා පහතින්..

https://youtu.be/vdShVraCOio


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14