spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංගීත ප්‍රසංගයක් නරඹා එන අතර සිදු වූ අනතුරකින් තරුණයෙක් මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (14) අළුයම 2.40ට පමණ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

63km කණුවේ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ එක් අයෙකු මියගොස් අනිත් පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා..

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී වරකාපොල මාහේන ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා යළිත් නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණයන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අසල ඇති 63km කණුවේ ගැටී අනතුර සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ යතුරුපැදියේ පිටුපස ගමන් කළහ වයස අවුරුදු 23ක් වන තුංතොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

යතුරුපැදිය පැද වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?