සංගා‌ගේ බිරිඳගේ ඉඩම් සිද්ධිය ගැන පරීක්ෂණ – ග‍්‍රාම නිලධාරියාගේ සේවයත් අත්හිටුවයි

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් වංචාවක් සිදුකර ලබාගත්තා යැයි කියන පුවතෙහි තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියා.

ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය. ඒ මොහොතේ වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා අවංක ප්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය.

මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු.

මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ පුවත්පතක් විසිනි.

Sanga 001
Sanga 002
Sanga 003
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09