ශිව දෙවියන් සහ කතරගම දෙවියන් ඉස්සූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

භාවනා මධ්‍යස්ථානය තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා පිත්තලෙන් නිමකරන ලද ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යයක් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 09 වන දින අදාළ සොරකම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම සිදුකළ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් පොලිසිය ඊයේ (10) රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු කැළණි ගඟට පැන පිහිනා ගොස් ඇති අතර, ඔහු නැවත ගොඩට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 26 හැවිරිදි වියේ පසුවන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු විසින් භාවනා මධ්‍යස්ථානයෙන් සොරාගත් දේපළ සොයා ගැනීමට හැකිව ඇති අතර, මොහු තවත් සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු අද (11) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18