ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම ද ඔවුන් සතු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටොකරන්සි ගෙවීම් භාරගන්නා බවට ප්‍රසිද්ධි දැන්වීම් පළකර ඇති බැවින් එවැනි ගනුදෙනු ශ්‍රී ලංකාව තුළ අනුමතද යන කරුණ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ක්‍රිප්ටොකරන්සිවල අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි ඒ ප්‍රතිපත්තියේම තමයි ඉන්නේ. යම් අය වෙන වෙන මුදල් භාවිතා කරනවා නම් ඒ අවදානම ඒ අය ගන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කරද්දීත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මුදල් ඒකකය රුපියල. එතනින් එහාට වෙන කිසිම දෙයක් අපි අනුමත කරලා නැහැ“, යනුවෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් තිබෙන අනතුරුදායකත්වය ගැන මහජනතාව දැනුවත් කර ඇති බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධ ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් සිටිනවා නම් ඒ අවදානම ඔවුන් භාරගත යුතු බව ඇය වැඩිදුරටත් මෙහිදී පැවසුවාය.

ක්‍රිප්ටොකරන්සි මුදල් භාවිතය පිළිබඳ සිය ස්ථාවරය දක්වමින් 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එහි සඳහන් වූයේ අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලබන බවයි.

මෙම පසුබිම තුළ ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී නිවේදනය කරන ලදී.

පෙර පුවත – ක‍්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සදහා ශ‍්‍රී ලංකාව විවෘත කරයි.. කැබිනට් අනුමැතිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44