ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග මාස 07ක් ගෙවෙන තෙක් ක්‍රියාත්මක නොකිරීම ගැන දැඩි අප්‍රසාදයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ව මීට මාස හතකට පෙර නිකුත් කළ ඇතැම් නියෝග ක්‍රියාත්මක නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දැඩි අප්‍රසාදය පළ කළා.

මාස හතක් තිස්සේ මෙම නියෝග ක්‍රියාත්ක නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අධිකරණය අදාළ නියෝග ක්‍රියාත්මක කර ඒ ගැන මෝසමක් මගින් අධිකරණයට දැනුම්දෙන ලෙස නියෝග කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ වාහනයක් ඉස්සර කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් පහරදීම, අඩත්තේට්ටම් කිරීම සහ නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් යටතේ මිෂාර රණසිංහ නම් පුද්ගලයකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා අද කැඳවූ අවස්ථාවේදීයි.

අද මෙම පෙත්සම් කැඳවූයේ දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සම්පත් බී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටදී බවත් වාර්තා වනවා.

පෙත්සම විභාගය වෙනුවෙන් අද කැඳවුව ද මෝසමක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මගින් රන්මල් කොඩිතුවක්කු ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් දැනුම් දී තිබුණේ විරෝධතා ගොනු කිරීම සඳහා ඔවුන්ට ලැබිය යුතු ඇතැම් ලේඛන තවම අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් අදාළ ලේඛන ලැබීමෙන් පසු විරෝධතා ගොනු කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.

1 සිට 5 දක්වා වූ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේ පසුගිය අගෝස්තු මාසයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අදාල වාර්තා ලැබී නැති හෙයින් විරෝධතා ගොනු කිරීමට නොහැකිවූ බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමග පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝග ලබාදී ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ බවයි.

මාස 7ක් තිස්සේ ජාතික පොලිස් කොමිෂන් සභාව සහ අනිකුත් බලධාරීන් එම නියෝග ක්‍රියාත්මක නොකර පැහැර හැර ඇති බවයි.

නඩුවේ පළමු වගඋත්තරකාර රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම වින්දිතයන් සහ සාක්කිකරුවන්ගේ කොට්ඨාසය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නියේාජ්‍ය පොලිස්පතිවරයා ද වන බවත්, එබැවින් හිතාමතාම අදාළ බලධාරීන් මෙම අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළා.

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දිගින් දිගටම රජයේ නීතිඥවරියගෙන් ප්‍රශ්න කළ අතර ඊයේ දිනැතිව එනම් 2025 මාර්තු 03 වැනිදා දිනැතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අධිකණය වෙත එවා ඇති ලිපියක් ගැන ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කළා.

අදාළ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ගොනුවේ පිටපතක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලිපියක් මගින් ඉල්ලා තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය අලුත් කරුණු සොයා බැලීමක් සඳහා නියෝග කළේ 2024 අගෝස්තු මස 08 වැනිදා බවත්, අදාල නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව නඩු වාර්තා ඉල්ලා ඇත්තේ මාස හතකට පසු බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණයේ අවධානයට යොමු කරමින් සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළ විනිසුරු මඩුල්ල මෙම නියෝග ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් මෝසමක් මගින් මැයි 08 වැනිදා වන විට අධිකරණ දැනුම්වත් කරන ලෙස රජයේ නීතිඥවරියට නියෝග කෙරුණා.

අධිකරණයේ එක් නියෝගයකට අදාළ ව වාර්තාව ලබා දිය යුතු වෛද්‍ය චන්න පෙරේරා මහතා විදේශගතව සිටින බවත්, ඔහු නැවත ලංකාවට පැමිණෙන්නේ මැයි මාසයේ බවත්, ඔහු පැමිණි පසු අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ඇති බවත් රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා සමග සන්නිවේදනය කර මැයි මාසයේ දී වාර්තාව අධිකරණයේ ගොනු කරන ලෙස ද අධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම්කරු පහරකෑමෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඊට අදාළ ඇඳ හිසපත අතුරුදන්වීම ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් කරන ලෙස අගෝස්තු 08 වැනිදා නිකුත් කළ අධිකරණ නියෝගවල සඳහන් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒ ගැන කරුණු විමසුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරිය සඳහන් කළේ අදාළ විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සිදු කර පෙබරවාරි මස අවසන් සතියේ උද්ධෘත නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තා පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම සිද්ධියේ පෙත්සම්කරුට පහරදීම ගැන අපරාධ විමර්ශනයක් සිදු කිරීමට අදාළ ව නිකුත් කර ඇති අධිකරණ නියෝගය මේ වන තෙක් ක්‍රියාත්මක කර නැති බව ද අද අධිකරණයේදී අනාවරණය වුණා.

අදාළ නියෝගය ද ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා.

අදාළ නියෝග ක්‍රියාත්මකවීම ගැන සොයා බැලීම සඳහා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 30 වැනිදා කැඳවීමට නියෝග කළ අධිකරණය පෙත්සම විභාග කිරීම සඳහා ඔක්තෝම්බර් 21 වැනිදා කැඳවන ලෙස ද නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03