ශ්‍රී ලාංකික වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

2019 වසරේ දී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුටඑනම් 23% ක ප්‍රමාණයකට දියවැඩියාව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

තවත් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට එනම් 31%ක ප්‍රමාණයක් අධි රුධිර පීඩනයෙන් පෙලෙන බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම දියවැඩියාවෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු පමණ පිරිසක් මෙතක් එම රෝගය හඳුනාගෙන නොමැති බව අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ඇතුළුව සරසවි කිහිපයක් විසිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

දියවැඩියා රෝගීන් හඳුනා ගැනීම සඳහා මුඛ ග්ලූකෝස් පරීක්ෂණ සම්මත ක්‍රමය භාවිතා කරමින් මෙරට දී සිදුකළ දියවැඩියාව පිළිබඳ පළමු ජාතික සමීක්ෂණය මෙය බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සඳහන් කළේ.

දියවැඩියාවෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (38%) පමණ හඳුනාගෙන නොමැති බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය විසින් සිදු කළ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ලන්ඩනය පදනම් කරගත් වෛද්‍ය සඟරාවක ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම අධ්‍යයනය සඳහා කොළඹ, පේරාදෙණිය, රුහුණු සහ රජරට විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය මගින් කළමනාකරණය කෙරෙන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද දීර්ඝ කාලීන ජාතික අධ්‍යයනයක් වන ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත අධ්‍යයනය (SLHAS) විසිනුයි දත්ත රැස් කර ඇත්තේ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත අධ්‍යයනය විසින් 2019 වසර තුළදී ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන් 300කින් වැඩිහිටියන් 6000කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මෙම සමීක්ෂණයට එක් කරගෙන තිබෙනවා.

අධ්‍යයනයට සහභාගී වූවන් නිරාහාර ග්ලූකෝස් රුධිර සාම්පලයක් ලබා දුන් අතර, බොහෝ දෙනෙක් සීනි පානයක් ගැනීමෙන් පසු දෙවන රුධිර සාම්පලයක් අවශ්‍ය වන මුඛ ග්ලූකෝස් පරීක්ෂණය කිරීමට ද එකඟ වූ බවයි අධ්‍යන වාර්තාව සඳහන් කර සිටියේ.

මෙම රුධිර සාම්පල වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී පිහිටි රසායනාගාරයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

ශ්‍රී ලාංකිකයින් කොපමණ ප්‍රමාණයක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවාද යන්නත්, මිනිසුන් අතර දියවැඩියාව වෙනස් වන්නේ කෙසේද යන්නත් තක්සේරු කිරීමට මෙම සමීක්ෂණ ප්‍රතිඵල භාවිතකර තිබෙනවා.

අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ අධික තරබාරු දේහ ලක්ෂණවලින් යුත් සහ වඩා සංවර්ධිත ප්‍රදේශවල ජීවත් වන ලාංකිකයන් තුළ දියවැඩියාව රෝගය බහුලව දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාත, උතුර සහ නැගෙනහිර පළාත් හි ඇතැම් සමහර ප්‍රදේශවල දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් ඉහළ මට්ටමක පවති.

පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට (34%) දියවැඩියා රෝගයෙන් පෙලෙන බවයි.

“මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ දියවැඩියා රෝගීන් බහුල අනුපාතයක් ඇති රට බවයි. එමෙන්ම දියවැඩියා රෝගීන් බහුල ලෝකයේ ඉහළම රටවලින් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ප්‍රධාන විමර්ශක සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය රවී රන්නන් සඳහන් කරන්නේ.

සාමාන්‍ය ශරීර බරින් යුත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට (21%) දියවැඩියාව ඇති අතර යුරෝපීයයන්ට වඩා ශ්‍රී ලාංකිකයන් තුළ දියවැඩියාව වර්ධනය වන බව අධ්‍යයනයේ සොයාගැනීම් පෙන්වා දී තිබෙනවා.

“මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැවොම දැනුවත් විය යුතු කරුණක්. ධනවත් රටවල මිනිසුන්ට වඩා අපට දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි බැවින් පුද්ගලයින් බර අඩු කර ගැනීම සහ හැකිතාක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම වඩාත් වැදගත්.” වෛද්‍ය රන්නන් වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08