ශ්‍රී ලංකා පළමු ඉනිම 554න් නවතියි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 554ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 364ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 190ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 85ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස්කළා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

චන්දිමාල් එහිදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 206ක්.

චාන්දිමාල්ගේ මෙම ඉනිම වාර්තා අතරට එක්වනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාව එරෙහිව ටෙස්ට් තරගයක දී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මීට පෙර කුමාර් සංගක්කාර එම වාර්තාවට හිමිකම් කීවේ ලකුණු 192ක් රැස්කරමින්.

පන්දු යැවීමේ දී මිචල් ස්ටාර්ක් කඩුලු 04ක් සහ මිචෙල් ස්වෙප්සන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.