ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 72ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

‘එක්වෙමු – වෙනසකට සැරසෙමු’ යන්න තේමාව කර ගනිමින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදීයි.

ඒ එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සඟ, වෙද, ගුරු , ගොවි, කම්කරු යන පංචමහා බලවේග එක්කරමින් දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා.

1956 වසරේ පැවති මහමැතිවරණයට ඉදිරිපත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් 60 දෙනාගෙන් 51ක් ජයග්‍රහණය කළ අතර එය පංචමහා බලවේගයේ ජයක් ලෙසටයි එවක හැඳින්වූයේ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, සේවක අර්ථ සාදක අරමුදල ආරම්භ කිරීම, ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි පළමුවනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙයවීමෙන් සිදු වුණා.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1960 වසරේ ජුලි 21 වනදා පත්වුයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14