spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය වන හේයත් ටැල්බි, කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුව තිබෙනවා.

පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ද එක්ව සිටියා.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම, ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමක් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදි කරුණු සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ටියුනීසියාවේ උපරිම සහයෝගය ලබා දෙන බවද තානාපතිනිය මෙහි දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?