spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට ලකුණු 172ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 172ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

බෙන්ගලූරු හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා පන්දු 28කින් ලකුණු 51ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින්. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 16ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 19ක් ලබා ගත්තා. මහීෂ් තීක්ෂණ නොදැවී 39යි. දිල්ෂාන් මදුෂංක ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 3ක්, ලෝකී ෆර්ගසන්, රචින් රවින්ද්‍ර සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා. නවසීලන්ත පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?