ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි කාලි අම්මාගෙන් පෙත්සමක්

මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටියදී පීඩාවන්ට පත්වන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය ලබා දීම සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඕමානයේ ගෘහ සේවයට ගොස් හිරිහැරයට ලක්ව අතරමංව සිටින වවුනියාවේ පදිංචි සෙල්ලයියා කාලි අම්මා නමැති කාන්තාවක් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්. හිල්මි, ඇතුළු එහි අධ්‍යක්ෂවරු , කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර, එම අමාත්‍යාංශ ලේකම්වරයා, ඕමානයේ තානාපති අමීර් අජ්වාඩ්, ඇතුළු 11 දෙනකු නම් කර තිබෙනවා.

පෙත්සම්කාර කාලි අම්මා නමැති කාන්තාව 2022 වසරේ අප්‍රේල් මස ගෘහ සේවය සඳහා ඕමානයට ගිය බවත්
ඕමානයට යාමට පෙර ඇය ලෙබනනයේ අවුරුදු 06ක් ද කුවේටයේ අවුරුදු 03 ක් ද ගෘහ සේවයේ නිරත වී ඇති බවත් පෙත්සමේ සඳහන්.

ඕමානයේ නිවසක මෙහෙකාර සේවයට ගිය පසු එම නිවසේ දී ඇය තාඩන පීඩනවලට පත්වූ බවත් ඇයගේ වැඩ අසතුටුදායක බව සඳහන් කරමින් ඇයව නිවසින් පිටත් කිරීමට එම නිවසේ හාම්පුතුන් කටයුතු කළ බවත් එහි සඳහන් වනවා.

ඉන් අනතුරුව අදාළ කාන්තාව ඕමානයේ පිහිටා ඇති ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති අතර එහි අගතියට පත් කාන්තාවන් 30 දෙනෙකු පමණ සිටි බවත් එහි සිටින කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්වන අතර ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

පසුව කාලි අම්මා නම් කාන්තාව ඇතුළු එහි රැඳී සිටි කාන්තාවන් විරෝධතාවයක් ආරම්භ කළ අතර පසුගිය මැයි මස 25 වනදා ඔවුන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මෙම කාන්තාව නැවත ලංකාවට ගෙනැවිත් දෙන ලෙස වවුනියාවේ පිහිටි විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශ කාර්යාලයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ඉල්ලීම් කළ අතර ඒ සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ පසුව රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා දෙන ලෙස එහි නිලධාරීන් ඉල්ලා සිටි බවත් එතරම් මුදලක් ඇයගේ පවුලේ සාමාජිකයින් සතුව නොමැති බවත් පෙත්සමේ දක්වා තිබෙනවා.

මෙම කාන්තාවට නීතිමය සහායක් ලබා ගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන අතර
අදාළ කාන්තාව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ඇයට එරෙහිව ඕමානයේ පැවැත්වෙන නඩු කටයුතුවලදී නීතිඥ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය සහාය ලබාදීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සමින් අයැද තිබෙනවා.

මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැවරී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර නීතීඥවරයා මෙම ක්‍රියාව තුළින් කාලි අම්මා නමැති කාන්තාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27