ශෂී වීරවංශට එරෙහි නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන ඔක්තෝම්බර් මස 31 වනදා කැඳවීමට තීරණය වී තිබෙනවා.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් ළග තබා ගැනීම සම්බන්ධයෙනුයි ඇයට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද මෙම නියෝගය ලබාදී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබා දෙනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කළ බවටයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශට චෝදනා ඉල්ලවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43