ශම්මි සිල්වාට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උපදේශකවරයෙකු වන අනුර විරසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත අද (15) වාරණ නියෝගයක් නිකුත් කළා.

අනුර විරසිංහ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව මාධ්‍යා සාකච්ඡාවක් පවත්වා තම සේවා දායකයා කරුණු හෙළිදරව් කළ බව සඳහන් කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් තම සේවා දායකයාගේ සේවය නීති විරෝධී ලෙස අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

නීතියට පටහැනි ආකාරයෙන් සිදුකෙරෙන එම විනය පරීක්ෂණය අත් හිටුවන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය ලබන 29 වනදා දක්වා බල පැවැත්වෙන බවත් නියෝග කළා.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විත්තිකරුවන්ට නොතීසි යවන ලෙසත් විනිසුරුවරයා කළ නියෝගයේ සඳහන් වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33