වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

වෛද්‍ය විද්‍යාව සඳහා වන 2025 නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට හිමිව තිබෙනවා.

ඒ, අනුව විද්‍යාඥයින් වන මේරි බ්‍රන්කොව්, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුචි යන අයට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවන බවයි නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කළේ.

පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණය සම්බධයෙන් ඔවුන් සිදුකළ පර්යේෂණ සම්බන්ධයෙන් මෙලෙස ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමිව තිබෙනවා.

ඔක්තෝබර් 06 සිට 13 දක්වා විහිදෙන සම්පූර්ණ කාලසටහන තුළ පළමුව වෛද්‍ය විද්‍යාව වෙනුවෙනුත් පසුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ අවසානයේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කරනවා.

වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ තිදෙනා,

03 1