වෛද්‍යවරුන් පිරිසකගෙන් වෘත්තීය සුදුසුකම් ඉල්ලයි (ඡායාරූප)

පලාගල පුබ්බෝගම ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක සේවයේ නියුතු ව්‍යෛවරුන් කිහිප දෙනෙකුගේ වෘත්තීය සුදුසුකම් දින හතක් තුළ තමන්ට දන්වන්නැයි ඉල්ලා එම ආයතන වෙත දැන්වීම් භාරදීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මගින් සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් සේවයේ යොදවා රෝගී පරීක්ෂාව, ප්‍රතිකාර කිරීම හා බටහිර ඖෂධ නිකුත්කරමින් පුද්ගලික වෛද්‍ය සේවා පවත්වාගෙන යන බවට ලැබී ඇති පැමිණිලි අනුවයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙලෙස දැන්වීම් බාර දීමට කටයුතු කර ඇත්තේ.

පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම දැන්වීම් අදාළ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත නිලවශයෙන් භාරදීම මේ වනවිට සිදුකර තිබෙනවා.

පලාගල පුබ්බෝගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනකට මේ වනවිට දැන්වීම් භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ ආයතනවල සේවයේ නියුතු වෛද්‍යවරුන් හා ඔවුන්ගේ වෛද්‍ය වෘත්තීය සුදුසුකම් දින 07ක් ඇතුළත පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එම නිවේදන මගින් ආදාළ ආයතන වෙත දන්වා තිබෙනවා.

පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ පුබ්බෝගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක සුදුසුකම්වලින් තොර වෛද්‍යවරුන් සිටින බවට ජනතා පැමිණිලි ලැබී ඇති බවයි.

එම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මගින් සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් සේවයේ යොදවා රෝගී පරීක්ෂාව, ප්‍රතිකාර කිරීම සහ බටහිර ඖෂධ නිකුත්කරමින් පුද්ගලික වෛද්‍ය සේවා පවත්වාගෙන යන බවට ද තොරතුරු ලැබී තිබු බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මුලික අධියර වශයෙන් එම ස්ථානවල සේවය කරන වෛද්‍යවරුන් කවුරුන් ද යන්න සහ ඔවුන්ට වෛද්‍ය වෘත්තියේ යෙදීමට අවශ්‍ය සුදුසුකම් තිබේ ද යන්න සොයා බැලීමට මෙම පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ සඳහා සතියක කාලයක් ලබාදී ඇති අතර අදාළ කාලය තුල ඔවුන් තම සුදුසුකම් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියාසිටියා.

පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස තමා මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතු බැවින් ජනතාවගෙන් ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බව ද ඔහු පෙන්වා දෙනවා.

ජනතාවගෙන් එල්ලවන චෝදනාව බරපතල වන අතර තමා දැනුම් දුන් ආකාරයෙන් ඔවුන් වෛද්‍ය වෘත්තියේ නිරත වීමට අවශ්‍ය සුදුසුකම් ඉදිරිපත් නොකරන්නේ නම් හෝ ඒවා සපුරා නොමැති නම් මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය ආඥා පනත හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පූර්ව දැනුම් දීමකින් තොරව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා අවධාරණය කළා.

2
3 1
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46