වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට අසභ්‍ය දර්ශන එවූ සැකකරු රිමාන්ඩ්

නිට්ටඹුව, වතුපිටිවල රෝහලේ සේවයේ නියුතු විවාහක වෛද්‍යවරියකගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවූ බව කියන සැකකරු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු රාගම ශික්ෂණ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ 21 වනදා එම වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරු ඉඩම් අලෙවි කිරීම සහ මිලට ගැනීම සම්බන්ධව අතරමැදියකු ලෙස කටයුතු කරන විවාහක අයෙක් බව සඳහන්.

පැමිණිලිකාර වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන එවා ඇති සැකකරු නානකාමරයේ කරන අසභ්‍ය සිදුවීම් පවා වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවා ඇති බවටයි පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ.

සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවන ලද කෙටි පණිවිඩ සහ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් සැමියා වෙත ලබා දී ඇති බව ද අධිකරණයේ දී අනාවරණ වුණා.

පැමිණිලිකාරියගේ සහ ඇයගේ සැමියාගේ ජංගම දුරකථන බස්නාහිර පළාත් උතුර තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර සිද්ධිය සනාථ කරන DVD දෙකක් ලබාගෙන ඇති බවයි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

පෙබරවාරි මස 8 වනදා සිට 15 වන දින දක්වා පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට එම අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවන ලද ජංගම දුරකථනයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ ඔස්සේ ගම්පහ කොට්ඨාස ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සැකකරුව අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14