වෛද්‍යවරයකු අත්අඩංගුව ගත් පොලිස් පරීක්ෂකවරයෙකු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

පැමිණිල්ලක් සිදු කිරීමට ගිය වෛද්‍යවරයකුට පහර දී පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තලංගම පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ තුලින් අදාළ වෛද්‍යවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රුපියල් 50000 ක් වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසත් අධිකරණය විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයා වෙත නියෝග කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව රුපියල් 50000/ක වන්දි මුදලක් පෙත්සම්කාර වෛද්‍යවරයාට ගෙවන ලෙසත් අධිකරණය විසින් රජයට නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධිය තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය හරේන්ද්‍ර ද සිල්වා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නා.

වෛද්‍යවරයා සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ පුද්ගලයන් පිරිසක් විසින් තමන්ට සිදුකළ තර්ජනයක් පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීම සඳහා 2018 වසරේ නොවැම්බර් මස 16 වනදා තලංගම පොලිස් ස්ථානයට ගිය බවයි.

එම අවස්ථාවේදී තම පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු නොකළ වග උත්තරකාර පොලිස් පරීක්ෂකවරයා සිය කමිසයෙන් අල්ලා පොලිස් කූඩුවට දමා එහි රඳවා තැබීමට කටයුතු කළ බවත් පෙත්සම් විභාගයේදී ප්‍රකාශ කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශය කරමින් විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙම පෙත්සමෙන් ඉදිරිපත් කරන කරුණු අධිකරණය විසින් පිළි ගන්නා බවයි.

ඒ අනුව මෙම සිද්ධිය තුලින් වග උත්තරකාර පොලිස් පරීක්ෂක වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03