spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරයකු අත්අඩංගුව ගත් පොලිස් පරීක්ෂකවරයෙකු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

පැමිණිල්ලක් සිදු කිරීමට ගිය වෛද්‍යවරයකුට පහර දී පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තලංගම පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ තුලින් අදාළ වෛද්‍යවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රුපියල් 50000 ක් වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසත් අධිකරණය විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයා වෙත නියෝග කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව රුපියල් 50000/ක වන්දි මුදලක් පෙත්සම්කාර වෛද්‍යවරයාට ගෙවන ලෙසත් අධිකරණය විසින් රජයට නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධිය තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය හරේන්ද්‍ර ද සිල්වා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නා.

වෛද්‍යවරයා සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ පුද්ගලයන් පිරිසක් විසින් තමන්ට සිදුකළ තර්ජනයක් පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීම සඳහා 2018 වසරේ නොවැම්බර් මස 16 වනදා තලංගම පොලිස් ස්ථානයට ගිය බවයි.

එම අවස්ථාවේදී තම පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු නොකළ වග උත්තරකාර පොලිස් පරීක්ෂකවරයා සිය කමිසයෙන් අල්ලා පොලිස් කූඩුවට දමා එහි රඳවා තැබීමට කටයුතු කළ බවත් පෙත්සම් විභාගයේදී ප්‍රකාශ කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශය කරමින් විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙම පෙත්සමෙන් ඉදිරිපත් කරන කරුණු අධිකරණය විසින් පිළි ගන්නා බවයි.

ඒ අනුව මෙම සිද්ධිය තුලින් වග උත්තරකාර පොලිස් පරීක්ෂක වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?