වේගයෙන් ගියොත් කෝල් එකක් දෙන්න

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකතනයට අධික වේගයෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ පිළිබඳව දැනුම් දිය හැකි බව එම කොමිසම පවසයි.

එයට අමතරව මගීන්ට පෞද්ගලික බස් රථ තුළදී ඇතිවන ගාස්තු පිළිබඳ ගැටලු, විෂමාචාරයන්, අපහසුතාවයන් සම්බන්ධයෙන් ද එම අංකයට ඍජුවම දැනුම් දිය හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (තත්ත්ව ආරක්ෂණ හා බාහිර සම්බන්ධතා) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසුවාය.

කෙටි ගමන් බස් රථ සම්බන්ධයෙන් වුවද ලැබෙන පැමිණිලි අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාලවලට යොමු කර ඉහත ආකාරයෙන්ම කටයුතු කරන බව ද ඒ මහත්මිය පෙන්වා දෙයි.

නිරන්තරයෙන් දුර ගමන් සේවා බස් රථ අධික වේගයෙන් ගමන් කිරීම, මගීන්ගේ ජීවිත හා පදිකයන්ගේ ජීවිත අවදානම මෙන්ම අධික රිය අනතුරු සම්බන්ධයෙන් තමන්ට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?