වෙරළබඩ වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට (වීඩියෝ)

කොළඹ වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ, විවේකානන්ද මාර්ගයේ ඊයේ (30) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි කොටහේන විවේකානන්ද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

අදාල වෙඩි තැබීම සිදුකර ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

https://youtu.be/Qwrp-DO5v00