වෙඬරුවේ උපාලි හිමි තැපැල් ගොඩනැගිලි විකිණීමට එරෙහි වෙයි

රටේ ඓතිහාසික උරුමයන් පිළිබඳව වැදගත් තීන්දු තීරණ ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන්ගේ ද අදහස් විමසීම හා අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සැලකිය යුතු බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.

නුවරඑළිය ඉපැරණි තැපැල් ගොඩනැගිල්ල ඉන්දියානු සමාගමකට විකිණීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවට එරෙහිව සංදේශයක් භාරදීම සඳහා තැපල් වෘත්තිය සමිති නියෝජිත පිරිසක් පැමිණි අවස්ථාවේ දීයි නාහිමියන් මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්,

“ශ්‍රී ලංකාව කියන්නේ විශේෂිත වූ සංස්කෘතික උරුමයන් සහිත රටක්. මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව වැනි තවත් සුවිශේෂ වූ සංස්කෘතික නගර අපට තිබෙනවා. මේ නගරවල ඇති සංස්කෘතික උරුම, සංස්කෘතික ස්මාරක සම්බන්ධයෙන් වෙනසක් කරනවා නම්, සංවර්ධනයක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් වීමක් විය යුතුයි. මහනුවර කියන්නේ ලෝක උරුම සංස්කෘතික නගරයක්. මේ නගරයේ සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නවා නම් මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ අදාළ විද්වත් සභාවල අනුමැතිය අවශ්‍ය වෙනවා. අපේ සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් එක් එක් අයට අවශ්‍ය ආකාරයෙන් තීරණ ගන්න බෑ. නුවරඑළියේ තැපැල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපේ මතය වෙන්නේ ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය අපේ රටට තියාගෙන යම්කිසි සංවර්ධනයක් කළ යුතුයි යන්නයි. රටක් සංවර්ධනය විය යුතුයි. එකතැන පල් විය යුතු නෑ. එහෙමයි කියලා රටේ සංස්කෘතික උරුමයන් විනාශ වෙන්න දෙන්නත් බෑ. රටේ පාලකයෝ සැමවිටකම මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව තීන්දු ගත යුතුයි. නමුත් දැන් එහෙම වෙනව ද කියන සැකය තියෙනවා.”

මෙහිදී වෘතීය සමිති නියෝජිතයන් නාහිමියන් හමුවේ කියා සිටියේ ජනපතිවරයා දැඩි බලපෑම් කරමින් බලහත්කාරයෙන් මෙම ඓතිහාසික ගොඩනැගිලි වෙනත් රටවල ව්‍යාපාරිකයන්ට විකිණීම සඳහා සූදානමින් පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58