spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඬරුවේ උපාලි හිමි තැපැල් ගොඩනැගිලි විකිණීමට එරෙහි වෙයි

රටේ ඓතිහාසික උරුමයන් පිළිබඳව වැදගත් තීන්දු තීරණ ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන්ගේ ද අදහස් විමසීම හා අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සැලකිය යුතු බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.

නුවරඑළිය ඉපැරණි තැපැල් ගොඩනැගිල්ල ඉන්දියානු සමාගමකට විකිණීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවට එරෙහිව සංදේශයක් භාරදීම සඳහා තැපල් වෘත්තිය සමිති නියෝජිත පිරිසක් පැමිණි අවස්ථාවේ දීයි නාහිමියන් මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්,

“ශ්‍රී ලංකාව කියන්නේ විශේෂිත වූ සංස්කෘතික උරුමයන් සහිත රටක්. මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව වැනි තවත් සුවිශේෂ වූ සංස්කෘතික නගර අපට තිබෙනවා. මේ නගරවල ඇති සංස්කෘතික උරුම, සංස්කෘතික ස්මාරක සම්බන්ධයෙන් වෙනසක් කරනවා නම්, සංවර්ධනයක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් වීමක් විය යුතුයි. මහනුවර කියන්නේ ලෝක උරුම සංස්කෘතික නගරයක්. මේ නගරයේ සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නවා නම් මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ අදාළ විද්වත් සභාවල අනුමැතිය අවශ්‍ය වෙනවා. අපේ සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් එක් එක් අයට අවශ්‍ය ආකාරයෙන් තීරණ ගන්න බෑ. නුවරඑළියේ තැපැල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපේ මතය වෙන්නේ ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය අපේ රටට තියාගෙන යම්කිසි සංවර්ධනයක් කළ යුතුයි යන්නයි. රටක් සංවර්ධනය විය යුතුයි. එකතැන පල් විය යුතු නෑ. එහෙමයි කියලා රටේ සංස්කෘතික උරුමයන් විනාශ වෙන්න දෙන්නත් බෑ. රටේ පාලකයෝ සැමවිටකම මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව තීන්දු ගත යුතුයි. නමුත් දැන් එහෙම වෙනව ද කියන සැකය තියෙනවා.”

මෙහිදී වෘතීය සමිති නියෝජිතයන් නාහිමියන් හමුවේ කියා සිටියේ ජනපතිවරයා දැඩි බලපෑම් කරමින් බලහත්කාරයෙන් මෙම ඓතිහාසික ගොඩනැගිලි වෙනත් රටවල ව්‍යාපාරිකයන්ට විකිණීම සඳහා සූදානමින් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?