විහාරාධිපතිගේ ඉල්ලීම නොසලකා විදුලිය විසන්ධි කරලා

වෙසක් පෝය දිනට දින 2 ක් තිබියදී, බදුල්ල හිඳගොඩ තපෝධනාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය ඊයේ (3) දා කටයුතු කර තිබෙනවා.

වෙසක් පෝය පහුවෙනකල් විදුලිය විසන්ධි නොකරැන්නයි ඉල්ලා සිටි නමුත් විදුලිය විසන්ධි කිරීමට පැමිණ නිලධාරින් පැවසුවේ ඉහළ ආ නියෝගයක් නිසා එය කිරීමට නොහැකි බව යැයි විහාරාධිපති ඇකිරියේ සීවලී හිමියෝ පැවසු බව අප වාර්තාකරු පැවසුවා.

මෙම පන්සලේ විදුලි බිල රු 90000 කට ආසන්න බවත් එය ගෙවීමට ප්‍රමාද වී ඇති නිසා මෙම විසන්ධි කිරීම සිදු කර ඇති බව අප වාර්තාකරු පැවසුවා.

ඌව අමරපුර නිකායේ මුලස්ථානය වන මෙම විහාරස්ථානයේ පෙර පාසැලක්ද පැවැත්වෙන බවයි දැනගන්නට ලැබුනේ.