විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ටෙම්බ බවුමා ට හිමිව ඇති අතර, එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී අබාධයකට ලක්වූ රසී වැන්ඩර් ඩුසන්ට මෙම සංචිතයේ ස්ථානයක් හිමි නොවීම කැපේ පෙනෙනවා.

ටෙම්බ බවුමා (නායක), ක්වින්ටන් ඩි කොක්, හෙන්රිච් ක්ලාසන්, රීසා හෙන්ඩ්‍රික්ස්, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි න්ගිඩි, වේන් පාර්නල්, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, රිලී රොසෝව්, තබ්‍රයිස් ෂම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඇන්ඩ්රිච් නෝරට්ජා එම සංචිතයේ ක්‍රීඩකයින්.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය ද පසුගිය දා ප්‍රකාශයට පත් කළා.