විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන නීතිපතිගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු 176 දෙනකු ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම් ජුනි මස 6 වන දා විභාගයට ගැනීමට නියමිත බව විනිසුරුවරු නියෝග කළා.

ඒ අනුව අදාළ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කිරීමටයි විනිසුරු මඩුල්ල නියම කළේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ඇතැම් වෛද්‍යවරු ජුනි මස 30 වනදා වන විට විශ්‍රාම යාමට නියමිතව තිබෙන බැවින් ඉතා ඉක්මනින් මෙම පෙත්සම් විභාග කර තීන්දුවක් ලබාදෙන ලෙසටයි.

එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරු ප්‍රකාශ කළේ එදිනට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10