විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින්

තවත් මාස හයකින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරනවා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඊයේ (12) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

බදුල්ල මහ රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරු තිස්දෙනෙක් පමණ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කරනු ලබන වෛද්‍ය පීඨයේ සේවය කිරීමට මේ වනවිටත් කැමැත්ත පළකර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ.

මේ අතර උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබද ප්‍රශ්නය සියයට සීයක් මේ වනවිට විසදලා තියෙන්නේ. උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ලහි ලහියේ මේ වනවිට කටයුතු සිදුවෙනවා. පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට තිබුණ උත්තර පත්‍ර පරීක්ෂාව පටන් ගත්තේ මැයි මාසයේ, කවුරු කොහොම කිව්වත් ඒ කාලය දරුවන්ට අහිමි වෙලා ඉවරයි. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පීඩය අඩුකරන්න පුලුවන් වෙන්නේ ඉක්මනින් උත්තර පත්‍ර පරීක්ෂා කරලා ප්‍රතිඵල ලබා දීම හරහයි. ඒ වගේම විශ්ව විද්‍යාල සඳහා දරුවන්ගේ තේරීම් ක්‍රියාවලිය සිදුකරන්න ගිය අවුරුද්දේ මාස දෙකක පමණ කාලයක් ගියා. මේ අවුරුද්දේ ඊටත් වඩා අඩු කාලයකින් විශ්ව විද්‍යාල සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05