spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින්

තවත් මාස හයකින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරනවා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඊයේ (12) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

බදුල්ල මහ රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරු තිස්දෙනෙක් පමණ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කරනු ලබන වෛද්‍ය පීඨයේ සේවය කිරීමට මේ වනවිටත් කැමැත්ත පළකර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ.

මේ අතර උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබද ප්‍රශ්නය සියයට සීයක් මේ වනවිට විසදලා තියෙන්නේ. උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ලහි ලහියේ මේ වනවිට කටයුතු සිදුවෙනවා. පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට තිබුණ උත්තර පත්‍ර පරීක්ෂාව පටන් ගත්තේ මැයි මාසයේ, කවුරු කොහොම කිව්වත් ඒ කාලය දරුවන්ට අහිමි වෙලා ඉවරයි. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පීඩය අඩුකරන්න පුලුවන් වෙන්නේ ඉක්මනින් උත්තර පත්‍ර පරීක්ෂා කරලා ප්‍රතිඵල ලබා දීම හරහයි. ඒ වගේම විශ්ව විද්‍යාල සඳහා දරුවන්ගේ තේරීම් ක්‍රියාවලිය සිදුකරන්න ගිය අවුරුද්දේ මාස දෙකක පමණ කාලයක් ගියා. මේ අවුරුද්දේ ඊටත් වඩා අඩු කාලයකින් විශ්ව විද්‍යාල සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
14
+1
3
+1
7
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?