spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව බුද්ධ යළි අත්අඩංගුවට

බුදු දහමට අපහාස වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්ව බුද්ධ නමින් පෙනී සිටින චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළගෙඩිහේන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මෙම පුද්ගලයා මීට පෙර ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබුණා.

අධිකරණ නියෝග නොතකමින් සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයෙන් සුපුරුදු ලෙසට හැසිරීම හේතුවෙනුයි සැකකාර චීවරධාරියා මෙලෙස යළිත් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ලැබුණු නියෝගයකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?