විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී

මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.

එසේම කලාපයේ මෙන්ම ජාත්‍යයන්තරයේ සිදු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීමට ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටු වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවයි සුරේන් රාඝවන් අනාවරණය කළේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල මුදලක් වෙන්කරමින් අයෝජනයක් සිදු කර තිබෙනවා. මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අප බලාපොරාත්තු වෙනවා. ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන මස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ඒ වගේම කලාපයේ රටවල මෙන්ම ජාත්‍යයන්තරයේ අනෙකුත් රටවල සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධනයන් පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීම සඳහා ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටු වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. එය 21 වන සියවසට ගැලපෙන අයුරින් සිදු කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු එක් තැනකට රැගෙන ඒම ද මෙහි තවත් අරමුණක් බව කිවයුතුයි.

එමෙන්ම විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැළසුම් කර තිබෙනවා. මෙරට අචාර්යවරුන් සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් විදේශ රටවලට ගොස් සිටිනවා. ඔවුන්ගේ සේවය නැවත අප ලබාගත යුතුයි. මෙරටට පැමිණ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සහ පර්යේෂණ කටයුතු සිදුකරන ලෙස අප ඔවුන්ට ආරාධනා කළා. ඒ අනුව මේ වන විට ආචාර්යවරුන් කිහිපදෙනෙක් මෙරටට පැමිණ එම සේවාව ලබාදෙනවා.

එසේම මෙරට විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරදීමට අප මේ වනවිටත් පියවර ගෙන තිබෙන බව කිවයුතුයි. ලබන වසර සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතුයි. ඒ සඳහා නව වැඩපිලිවෙළක් අප සැළසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16