විවාහ අපයෝජන සිද්ධියකට කාන්තාවකගෙන් සැමියා සහ නැන්දම්මාට එරෙහිව පැමිණිල්ල

විවාහ අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් තම සැමියාට සහ නැන්දම්මාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

කර්ණාටක ප්‍රාන්තයේ පුත්තෙනහල්ලි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන ආතර, හිරිහැර කිරීම, බ්ලැක්මේල් කිරීම සහ සූරාකෑම යන චෝදනා අදාළ කාන්තාව විසින් පැමිණිල්ල මඟින් එල්ලකර තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ කාන්තාව 2024 දෙසැම්බර් මාසයේ දී සයිඩ් ඉනාමුල් හක් නැමැති පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇත්තේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමෙන් මාස දෙකකට පමණ පසුවයි.

විවාහය සිදුවන අවස්ථාවේ දී, ග්‍රෑම් 340ක් බරැති රන් ආභරණ සහ යමහා වර්ගයේ යතුරුපැදියක් දෑවැද්දේ කොටසක් ලෙස ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් වැඩි කල් නොගොස් කාන්තාව, තම සැමියා මීට පෙර විවාහ වී ඇති බවත්, තමා ඔහුගේ දෙවන බිරිඳ බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

ඊට අමතරව තවත් කාන්තාවන් 19 දෙනෙකු සමඟ සැමියා සබඳතා පවත්වන බවට තමන් විසින් තොරතුරු අනාවරණය කරගත බවත් ඒ පිළිබඳව සැමියා නිරන්තරයෙන් පුරසාරම් දොඩන බවත් ඔහු ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

සැමියා රහසිගතව ඔවුන්ගේ නිදන කාමරයේ කැමරාවක් සවි කර, ඔවුන්ගේ පෞද්ගලික අවස්ථා පටිගත කර, එම වීඩියෝ විදේශයන්හි සිටින ඔහුගේ මිතුරන් සමඟ බෙදාගත් බවත් පැමිණිල්ලේ දැක්වෙනවා.

එමෙන්ම ඉන්දියාවෙන් පිටත සිටින මිතුරන් සමඟ ශාරීරික සම්බන්ධතා පැවැත්වීමට සැමියා තමන්ට බලපෑම් කළ බව ද අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.

ඊට තමා විරුද්ධ වූ විට, ඔහු තමන්ගේ පෞද්ගලික වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොදු ස්ථානවල, හෝටල්වල සහ ඇගේ දෙමව්පියන්ගේ නිවසේදී පවා තම සැමියාට නැවත නැවතත් ශාරීරික හා මානසික හිරිහැර කරන බවටයි එම කාන්තාව චෝදනා කර ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් 21 වන දින, සැමියා ආරවුලකදී අදාළ කාන්තාවට පහර දී පසුව නිවසින් පලා ගිය බවට චෝදනා එල්ල වී ඇති අතර, සැකකාර සැමියාට සහ අනෙකුත් චෝදනා ලැබූ නැන්දම්මාට එරෙහිව නඩුවක් ගොනුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පොලිසිය පැවසුවේ සැකකාර සැමියා දැනට පලා ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
8
+1
5
+1
20
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33