පවතින නියං තත්වය විල්පත්තුව ජාතික වන උද්යානයට තදින් බලපා ඇති බව වනජීවි නිළධාරීහු පවසති.
මේ වන විට විල්පත්තුව ජාතික වන උද්යානයෙ ස්භාවික විල්ලු වල ජල මට්ටම සිග්ර ලෙස පහත වැටි ඇති බවත් සිදි ඇති කෘතිම පොකුණු වලට නිරන්තරයෙන් ජලය බවුසර් මගින් පිරවිමට කටයුතු කරමින් සිටින බව උද්යාන පාලක සුරංග සේනානායක මහතා පවසයි.
ඒ සමගම පවතින වියළි තත්වය හේතුවෙන් උද්යානය පුරා තෘණ බිම් සියල්ලම සම්පුර්ණයෙන් වියළි ගොස් ඇති බවත් මේ හේතුවෙන් තෘණ පමනක් ආහාරයට ගන්නා වන සතුන් ආරක්ෂා කර ගැනිම බරපතල තත්වයක් බවද වනජීවි නිළධාරිහු කියයි.








