spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතා ගොනු කරන්න රාජ්‍ය ඇමතිනි ඩයනාට කල් දෙයි

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද ඩයනා ගමගේ ඇමතිවරියට කල් ලබා දුන්නා.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් දැනුම් දුන්නේ මෙම නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට ප්‍රථමව තමාට ආගමන හා විගමන පාලකවරයාගෙන් ලේඛන කීපයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

එම ලේඛන ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ඩයනා ගමගේ මහත්මියගේ පාර්ශවයට පෙබරවාරි මස 17 වනදා තෙක් කල් ලබා දුන්නා.

පෙත්සම්කාර ඔෂල හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් නොමැති බවයි.

එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?