සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සෑම විටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ කොළඹ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණා.

295433479 602976828055523 6906656453848321997 n