ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද සමත් වුණා.
ඔහු මෙලෙස බිඳ දමනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාවයි.
තෙන්ඩුල්කාර් 2003 ලෝක කුසලානයේදී ලකුණු 673ක් රැස් කර තිබුණා.
නවසීලන්තය සමග දැන් පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 287ක් ලබා සිටිනවා.
විරාත් කෝලි ලකුණු 94ක් සහ ශ්‍රේයස් අයියර් ලකුණු 55ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.










