වියළි මිරිස් රට තුළ ම නිපදවීමට වැඩපිළිවෙලක්

මෙරට පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට රට තුළ ම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී බෝග වර්ග 13ක් සදහා පත් කර ඇති බෝග සම්බන්ධීකාරක නිලධාරින් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී යි මෙම කරුණ අනාවරණය වූයේ.

විශේෂයෙන් මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 මිරිස් ප්‍රභේද සාර්ථක වීම නිසා මෙම ඉළක්කය සපුරා ගැනීමට හැකි වී තිබෙනවා.

එම මිරිස් ප්‍රභේද දෙක මෙතෙක් අප රටේ මිරිස් වගාව අඩාල කිරීමට බලපෑ කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත්, ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් යන හේතු මතයි අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000ක්.

මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කිරීමයි සිදුවී ඇත්තේ.

2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000ක් වන අතර එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක්.

ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණය ම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 70,000ක් වනවා.

පසුගිය වසරේ දී මෙරට අමු මිරිස් මෙට්‍රික් ටොන් 35,718ක් නිෂ්පාදනය කර ඇති අතර ආනයනය කරන ලද වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,696ක්.

රටට අවශ්‍ය සමස්ත අමුමිරිස් ප්‍රමාණය ම දැනට අප රටේ නිපදවනු ලැබුවත් වියළි මිරිස් තවමත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබනවා.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය ද මේ වනවිට මිරිස් වගාව කෙරෙහි උනන්දුවක් දක්වන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ASMP හා කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන SAPP මගින් ද මිරිස් වගාව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, නවීන උපකරණ මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56