spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විමල්ගේ පාස්පෝට් නඩුව කල් යයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව ලබන පෙබරවාරි 08 වනදා දක්වා කල් දමා තිබෙනවා.

2015 වසරේ ඔක්තෝබර් 13 වනදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව ඇති බවටයි විමල් වීරවංශට චෝදනා එල්ලවී ඇත්තේ.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මෙම නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් අධිකරණය නව චෝදනා සංශෝධනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නව චෝදනාවට මූලික විරෝධතා ඉදිරිපත් කිරීම හේතුවෙන් එය පෙබරවාරි 08 වනදා කැඳවන ලෙසටයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල අමරසේකර මහතා නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?