spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විනය ගුරුවරයාට පහර දුන් සිසුන් රිමාන්ඩ්

පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ විනය භාර ගුරුවරයාට අමානුෂික ලෙස පහර දී නිවසට හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකාර සිසුන් 4 දෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පුත්තලම අංක දෙක මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතායි අද මෙම නියෝගට ලබාදුන්නේ.

මෙලෙස බන්ධනාගාර ගත කලේ තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිසුන් 4 දෙනෙක්.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් පාසලේ විනය භාරව කටයුතු කරනු ලබන ගුරුවරයාට මර්ණිය තර්ජනය කරමින් නිවසට කඩා වැදී අමානුෂික ආකාරයෙන් පහර දී ඇති බවටයි පොලිසිය අධිකරණයට බී වාර්තාව මගින් කරුණු දක්වා ඇත්තේ.

සැකකාර සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට ඊයේ (23) පාසලට පැමිණි අවස්ථාවේ කොණ්ඩා රැවුල් වවා ගෙන කමිස උඩින් දමා ගෙන පැමිණීම සම්බන්ධයෙන් විනය භාර ගුරුවරයා විසින් දැඩිව අවවාද කර ආපසු නිවෙස් වෙත යවා ඇත්තේ නිසි ලෙස නිල ඇඳුමින් සැරසී පැමිණෙන ලෙසට දන්වමින්.

නැවත නිවෙස්වලට ගිය සිසුන් පාසලට උචිත ලෙස පැමිණ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන පිටව යන මොහොතේ ද විනය භාර ගුරුවරයාට තර්ජනය කර ගොස් ඇති බව සඳහන්.

ගුරුවරයා පාසල අවසන් වී නැවත නිවසට පැමිණීමෙන් පසු ඔහුගේ නිවසට කඩා වැදී පහත් ලෙස බැන මරණ තර්ජනය කර අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා.

එම කරුණු සැලකිල්ලට ගත් පුත්තලම අංක 2 මහෙස්ත්‍රාත්වරයා විසිනුයි මෙම සැකකාර සිසුන් ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
9
+1
18
+1
1
+1
7
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?