විනය ගුරුවරයාට පහර දුන් සිසුන් රිමාන්ඩ්

පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ විනය භාර ගුරුවරයාට අමානුෂික ලෙස පහර දී නිවසට හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකාර සිසුන් 4 දෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පුත්තලම අංක දෙක මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතායි අද මෙම නියෝගට ලබාදුන්නේ.

මෙලෙස බන්ධනාගාර ගත කලේ තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිසුන් 4 දෙනෙක්.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් පාසලේ විනය භාරව කටයුතු කරනු ලබන ගුරුවරයාට මර්ණිය තර්ජනය කරමින් නිවසට කඩා වැදී අමානුෂික ආකාරයෙන් පහර දී ඇති බවටයි පොලිසිය අධිකරණයට බී වාර්තාව මගින් කරුණු දක්වා ඇත්තේ.

සැකකාර සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට ඊයේ (23) පාසලට පැමිණි අවස්ථාවේ කොණ්ඩා රැවුල් වවා ගෙන කමිස උඩින් දමා ගෙන පැමිණීම සම්බන්ධයෙන් විනය භාර ගුරුවරයා විසින් දැඩිව අවවාද කර ආපසු නිවෙස් වෙත යවා ඇත්තේ නිසි ලෙස නිල ඇඳුමින් සැරසී පැමිණෙන ලෙසට දන්වමින්.

නැවත නිවෙස්වලට ගිය සිසුන් පාසලට උචිත ලෙස පැමිණ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන පිටව යන මොහොතේ ද විනය භාර ගුරුවරයාට තර්ජනය කර ගොස් ඇති බව සඳහන්.

ගුරුවරයා පාසල අවසන් වී නැවත නිවසට පැමිණීමෙන් පසු ඔහුගේ නිවසට කඩා වැදී පහත් ලෙස බැන මරණ තර්ජනය කර අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා.

එම කරුණු සැලකිල්ලට ගත් පුත්තලම අංක 2 මහෙස්ත්‍රාත්වරයා විසිනුයි මෙම සැකකාර සිසුන් ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51