විදේශ ඇමති ඇමෙරිකාවට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද(19) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇත.ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහායි.

අමාත්‍යවරයා විසින් ලබන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව අති අතර මෙම සංචාරය තුළ තවත් ජාත්‍යන්තර සමුළු කිහිපයක් ඇමතීමට නියමිතව තිබේ.ඒ ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම,නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය සැසිය සහ ගෝලීය සංවර්ධනයට මුල පිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම යන ඒවායි.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවාරය හෙට සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.