විදෙස් ශ්‍රමිකයින්ට ලැබෙන විශේෂ තීරු බදු සහනය අද සිට

විදෙස් ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීම අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව තමන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

කාණ්ඩ 05ක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව ඇමරිකානු ඩොලර් 2,400ත් 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඇමරිකානු ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන අතර, ඩොලර් 4,800ත් 7,199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඇමරිකානු ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ලැබෙනු ඇති.

එමෙන්ම ඩොලර් 7,200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවනවා.

ඇමරිකානු ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2,400ක අතිරේක තීරු බදු සහනයක් ලැබෙන අතර, ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඇමරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන බව සඳහන්.

වසරක කාලයක් තුළදී අදාළ මුදල් මෙරටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති විදේශ විනිමය වශයෙන් බැංකුවල පවතින මුදල් සඳහා කිසිදු බදු මුදලක් අය නොකරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14