විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදීයි තීරු බදු නොගෙවා රැගෙන එන ලද විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි 14400ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දුම්වැටි තොගයෙහි වටිනාකම රුපියල් 1,440,000ක් පමණ වන බව සඳහන්.

මෙම පුද්ගලයා නිරන්තරයෙන් විදෙස් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයෙකු වන අතර 38 හැවිරිදි ඔහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු අද පෙරවරු 06.05ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක මෙම විදේශීය දුම්වැටි 14,400 අඩංගු දුම්වැටි කාටුන් 72ක් සූක්ෂමව අසුරාගෙන පැමිණ ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කළේ.

සැකකාර ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 25 වනදා මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48