spot_imgspot_img

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදීයි තීරු බදු නොගෙවා රැගෙන එන ලද විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි 14400ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දුම්වැටි තොගයෙහි වටිනාකම රුපියල් 1,440,000ක් පමණ වන බව සඳහන්.

මෙම පුද්ගලයා නිරන්තරයෙන් විදෙස් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයෙකු වන අතර 38 හැවිරිදි ඔහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු අද පෙරවරු 06.05ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක මෙම විදේශීය දුම්වැටි 14,400 අඩංගු දුම්වැටි කාටුන් 72ක් සූක්ෂමව අසුරාගෙන පැමිණ ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කළේ.

සැකකාර ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 25 වනදා මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?