විදුහල්පති පුරප්පාඩු ගැන පෙත්සමකට අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා වූ නව පත්වීම් පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කර තිබෙනවා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මතු කළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා පත්වීමට තමන්ට ද සුදුකම් ඇති බව සඳහන් කරමින් ගාමිණී සුබසිංහ එම්.අයි.එම්. මන්සි,ඩබ්ලිව්. එච් .ආර් ප්‍රනාන්දු අය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා,අධ්‍යාපන ඇමතිවරයා සහ නීතිපතිවරයායි.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඇති පුරප්පාඩු 4718ක් පිපිරවීම සඳහා 2019 වසරේ පැවැත්වූ තරඟ විභාගයෙන් සමත් වූවන්ට පත් වීම් ලබා දෙන ලෙස පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර තිබුණා.
මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට තමන්ට ද සුදුසුකම් ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවන් එබැවින් අලුතින් අයදුම්පත් කැඳවා එම පත්වීම් පිරිනැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33