spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සැර වද්දවා වන අලියෙක් ඝාතනය කළ අයෙකුට ලක්ෂ දෙකක දඩයක්

විදුලි සැර වද්දවා වන අලියකු මරණයට පත් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් අධිකරණයෙන් නියම කර තිබෙනවා.

මෙලෙස දඩ මුදල් ගෙවන ලෙසට නියෝග කෙරුණේ මීට මාස තුනකට පෙර දිඹුලාගල බදනාගල ප්‍රදේශයේ දී වන අලියෙකුට විදුලි සැර වැදීමට සලස්වා ඝාතනය කළ පුද්ගලයකුටයි.

පිඹුරත්තෑව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මනම්පිටිය අධිකරණයේ දී පනවා තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?