විදුලි මනු කියවන්නෙකුට රෝහල් ගත වෙන්නම එල්ල වූ ප්‍රහාරය

විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු මහකුඹුක්කඩවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ආඩිගම – ගල්කුලිය ප්‍රදේශයේදී ඊයේ (14) මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – ඇන්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකු වන අතර, ඔහු ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මනු කියවීම සදහා ගල්කුලිය ප්‍රදේශයේ ගෙයින් ගෙට යමින් සිටින විට කිසියම් අයෙකු අතින් පයින් සහ පොල්ලකින් තමන්ට පහර දුන් බවයි රෝහල් ගත කර සිටින විදුලි බල මණ්ඩල සේවකයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

පහර දුන් පුද්ගලයා මත්පැන් පානය කර සිටි බවත්, පහරදීමට හේතුව තමන් නොදන්නා බවද රෝහල් ගත කර සිටින මනු කියවන්නා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරු ඊයේ (14) රාත්‍රීයේම මහකුඹුක්කඩවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19